Links share කරලා මුදල් උපයන්න.





මේ ඔන්ලයින් මනි ..නැත්නම් සිංහලෙන් කියනවනම් අන්තර්ජාලයෙන් මුදල් සෙවීම් අද ලංකාවේ ගොඩක් දුරට පැතිරිලා තියෙනෙවා .. දන්නවද ..ලෝකේ තමන්ගේ රස්සාව විදියට මේක කරන අයත් ඉන්නවා .. මම අද ඔයාලට කියල දෙන්නේ මේ අන්තරජාලෙන් මුදල් හොයන Adfly එක ක්‍රමයක් විතරයි .. එක concept එකක් ..


එතකොට මේ Adfly කියන්නේ මොකක්ද ..? 
adf ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ යාන්ත්‍රනය කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ links short කරලා අපිට ආපහු දෙනවා. ඒ shorten link එක හරහා එන visitors ලාට මේ අඩවියෙන් ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අර අපේ original link එකට Redirect වෙන්න පුලුවන් දකුණු පැත්තෙ උඩ තියන 'SKIP ADD' බටන් එක එබු පසු....


හැබැයි ඔක්කොටම කලින් ඔයා මේකේ එකවුන්ට් එකක් හදාගන්න ඕනි .. මතක තියා ගන්න ...කවදාවත් බොරු විස්තර දෙන්න එපා ..ඇත්ත නම් ගම දෙන්න ...හරි මම කියල දෙන්නම් කොහොමද එකවුන්ට් එකක් හදා ගන්නේ කියල ..


මුලින්ම ඔයා ඒ සයිට් එකට යන්නකෝ මෙතනින් යන්න   adf.ly   නැත්නම් ඔය බැනර් එක උඩ Click කරන්න.

  




ඊට පස්සේ එනවා නේද ඔය පහල තියෙනෙව වගේ page එකක් එකේ තියෙන ඔය Join Now කියන බටන් එක ඔබන්න ..




 දැන් එනවා නේද ඔය මම දාල තියෙනෙව වගේ ෆෝම් එකක් පුරවන්න ,... දැන් අන්න එකත් හරියටම ඇත්ත විස්ත‍ර දාල පුරෝලා ඔය කොටු කරලා තියෙන තැනට හරි කෑල්ලත් දාල යට තියෙන බොත්තම ඔබන්න ..



දැන් ඔයාට email එකක් ඇවිත් ඇති adfly එකෙන් ... inbox එකේ නැත්නම් පොඩ්ඩක් spam ලිස්ට් එකේ බලන්න අන්න ඒ email එකේ ලින්ක් එකක් එක්ක කෝඩ් එකක් ඇති ..ඒ ලින්ක් එකට යන්නකෝ ..එතකොට අහනවා නේද කෝඩ් එකක් ..අර email එකෙන් එවල තියෙන කෝඩ් එක එතනට කොපි කරනන ... ඊට පස්සේ confirm regiteration දෙන්න .. හරිනේ ..දැන් ආයිත් ඔය සයිට් එකට ගිහින් ඔයා කලින් දුන්න email & password දාල ලොග් වෙන්න .. හරිනේද ...


හරිනේ ...බලන්න ලොග් උනාම ඔය මම පහලින් දාල තියෙනෙව වගේ පේනවද කියල ... ඔව් නේද.. හරි ..ඔය මම රතු පාටින් කොටු කරලා තියෙන තැනට ඔයාගේ දිග ලින්ක් එක කොපි කරලා ඔය Shrink කියන බටන් එක ක්ලික් කරන්න .. එතකොට ඔයාට ඒ ලින්ක් එක වෙනුවට සුටීම සුටි හුරුබුහුටි ලින්කුවක් හම්බ වෙයි .. එක ඔයා ඔයාගේ යාලුවන්ට ..නැත්නම් ඔයාගේ Blog එකේ .දාන්න ..එතකොට ඒවගෙන් කට්ටිය ගියාම ඔයාට සල්ලි ලැබෙයි නිකන්ම ...ඔය මම කොළ පාටින් කොටු කරලා තියෙන තැන වටෙනේව ඔයාගේ ලින්ක් එකෙන් කී දෙනෙක් ගිහින් තියෙනෙවද කියල ... නිල පාටට කොටු කරලා තියෙන තැන වැටෙයි ඔයාගේ මුදල් ප්‍රමාණය ... එතන ඩොලර් 5 පිරුණම ඔයාට සල්ලි ගන්න පුළුවන් .



ඔයාට සල්ලි ගන්න පුලවන් වෙන්නේ Paypal ,Payaza සහ Payoneer වගේ ඒවාට තමා . මම ගන්නෙත් Payza වලට තමා. ඔයාට Payaza එකක් නැත්නම් මේ Payza ලින්ක් එකෙන් ගිහින් හදාගන්න.
ඔයාගේ Profile එක සම්පුර්ණ කරන්න   ඔයාගේ මුණක් වැටිලා තියන එක ගාව තියෙන Account කියන එක ක්ලික් කරලා  ඔය ටිකත් සම්පුර්ණ කරන්න  නැත්නම් ඔයාට සල්ලි ගන්න බැහැ 









ඔයාගේ සල්ලි Withdraw කරන්නේ මෙහෙමයි. 




  ඉහල පෙනෙන Withdraw කියන එක Click කරන්න පසුව පහත පෙනෙන Request Payment  එක Click කරන්න ඔයාට පැය 24 අතුලත සල්ලි එනවා මටනම් පැය 2 එනවා.





මේ තියෙන්නේ මම සල්ලි ගත්ත proof හා දැන් මගේ account එක.





 adfly සාර්ථකව කරගෙන යන්නේ කොහොමද .මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන්.ඒ තමයි ඔයාට බ්ලොග් එකක් තියේනම් බ්ලොග් එකට adfly link දාලා පුළුවන් තරම් බ්ලොග් එක ප්‍රසිද්ධ කර ගන්න එක. ඒ ගමන්ම fb එක යොදාගෙන උනත් adfly වලින් ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන්. මම හිතන්නේ  ඉන්න හැමෝටම fb A/C  එකක් ඇති.එහෙනම් වැඩේ මේ විදියට පටන් ගන්න.හරිම ලේසි.කියල දෙන්න දේකුත් නැ මේකේ. එත් මම අදහසක් දෙන්නම් කරන විදිය ගැන.හැබැයි මේකට ඔයාල බුකියේ ඉන්න වේලාවෙන් පැය භාගයක් වත් වෙන් කරන්න වෙනවා.එහෙම නැතුව උඩ බලන් ඉදලනම් මේක කරන්න බැ.

මුලින්ම ඔයාල පුළුවන් තරම් fb group වලට join වෙන්න.හැබැයි ඉතින් ලංකාවේ ඒවාට join වෙද්දී නම් පොඩි ගැටළුවක් තියෙනවා,ඒ ලංකාවේ group වල පොස්ට් එකක් දාද්දි "your post send by admin approval" කියල එකක් එනවනේ.හැබැයි සමහර group වල ඔයි කියන ඇඩ්මින් ජිවතුන් අතර ඉන්නවද කියන සැකය තියෙනවා.එත් ඉංග්‍රීසි group වල එහෙම නැ.එවයි දාන පොස්ට් අනුමත කරන්න ඇඩ්මින් ලාට යවන්නේ නැ.  එවලේම wall එකට වැටෙනවා. ඒ හන්ද පුළුවන් තරම් ඉංග්‍රීසි group වලට join වෙන්න.ඉංග්‍රීසි group වලට join වෙන එකේ වාසි දෙකක් තියෙනවා. එකක් පොස්ට් එවලේම පල වෙන එක. අනිත් එක තමයි adfly වලින්  uk,us click වලට ලංකාවේ click වලට වඩා වැඩි පුර ගෙවන එක. ඒ හන්ද පුළුවන් තරම් ඉංග්‍රීසි කාරයෝ ඉලක්ක කරලා link පොස්ට් කරන්න.

අපිට adfly වල shrink කරන්න link හොයා ගන්න youtube එක යොදා ගන්න පුළුවන්.youtube එකේ ඔයට හිතෙන වීඩියෝ එකක් search කරලා එකේ link එක adfly වලින් shrink කර ගන්න. හැබයි ඒ වීඩියෝ එක පුළුවන් තරම් සුද්දෝ ආකර්ෂණය වෙන එකක් වෙන්න ඕන. දැන් youtube එකේ ඔය ගත්තු වීඩියෝ එක උඩ right click කරලා ඒ imege එක save කර ගන්න. දැන් හරි.දැන් අයිත fb එකට යන්න.ගිහින් එක group එකකට අර වීඩියෝ එක ගැන පොඩි විස්තරයක් ඉංග්‍රීසියෙන් දාලා අන්තිමට ඔයා shrink කර ගත්තු link එක දාන්න. දැන් ඒ සම්පුර්ණ විස්තරේ link එකත් එක්කම copy කර ගන්න.මොකද එතකොට අනිත් group වල ලිය ලිය ඉන්න ඕන නැ. කෙලින්ම අරක paste කරන්න පුළුවන්. දැන් ඔය save කර ගත්තු වීඩියෝ එකේ ෆොටෝ එකත් group එකට upload කරන්න. දැන් පොස්ට් කරන්න.දැන් ඒ විදියට හැම group එකකටම ෆොටෝ එක upload කර කර අර විස්තරේ හා link එක තියෙන කොටසයි paste කර කර පොස්ට් කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ.ඔයාට මේ විදියට උනත් මහන්සි වෙන්න වෙන්න මාස 5ක් වගේ කාලයක්.මොකද ඔයා දිගටම මෙහෙම link දාන කොට group වල ඒ link එකතු වෙනවා.ඊට පස්සේ ඒ link නිකම්ම එක එක්කෙනාට click වෙනවා.මොකද fb කියන්නේ අපි upload කරපු දෙයක් නවතින තැනක් හොයා ගන්න බැරි තැනක්නේ. එතකොට නිකම්ම සල්ලි එනවා.ඔය shrink කරන කිසිම link එකක් adfly වලින් delete කරන්න එපා. තිබුන කියල වැඩි වෙන්නේ නැ. මොකද ඒවා කට හරි click වෙන්න පුළුවන්.

fb ඉංග්‍රීසි group හොයා ගන්න එක මහා වැඩක් නෙමේ.එක ඉංග්‍රීසි group එකක් ඇතුලට ගියාම තාව ඉංග්‍රීසි group එකේ දකුණු පැත්තේ පෙන්නනවා ඕන තරම්.එතැනින්ම ඒවාට join වෙන්න.ඔන්න ඕක තමයි කරන්න තියෙන්නේ.අමාරුද? .නැනේ. මම දකින විදියට නම් ඇඩ්සෙන්ස් වලටත් වඩා මේක ලේසි. ඔයාට ලැබෙන click ගණන තීරණය වෙන්නේ ඔයා link එකත් එක්ක දාන විස්තරෙයි ෆොටෝ එකයි අනුව තමයි. ඒ දෙක හොදට ආකර්ෂණය වෙන විදියට තියෙන්න ඕන. එතකොට හොදට click වෙනවා. එහෙනම් වැඩේ කරගෙන යන්න.ජය වේවා. 



මෙම විඩියෝවත් බලලා තව ඉගෙන ගන්න.
















 a








Kategori

Powered by Blogger.

Formulir Kontak

Name

Email *

Message *

Popular